Thursday, January 12, 2012

ස්කැරමවුෂ්- රෆායල් සබාතිනී

SCARAMOUCH – Rafael Sabatini

ස්කැරමවුෂ්- රෆායල් සබාතිනී
පරිවර්තනය - බෙනඩික්ට් සපරමාදු
විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රයේ ප‍්‍රකාශනයකි.
මිළ රු. 500

ප‍්‍රංශ විප්ලවය හා බැදුණු එ හා සමකාලීන සිදුවීම් සමුදායක් විස්තර කෙරෙන අතිශය ආකර්ශණීය නවකතාවකි. ආෙන්‍දා් ලූවී ප‍්‍රංශයේ ගම්බද ප‍්‍රදේශයක ප‍්‍රභූවරයෙකු විසින් ආත්මික දරුවා ලෙස හදාවඩා ගනු ලබන අනාථයෙකි. ඔහු අදාල ප‍්‍රභූවරයාගේ අවජාතක පුත‍්‍රයා බවට යම් යම් රාවයන් පවත්නා නමුත් එ් පිළිබදව නිවැරදි යැයි සැළකිය හැකි තොරතුරක් ලබාදීමට සමත් කිසිවකු නැත. අදාළ සිටුවරයා ඔහු වෙත මනා අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන අතර ආෙන්‍දා් ලූවී නීතීඥයෙකු වීමට ඔහු තුල පැවැතියාවූ සහජ දක්්ෂතාවය මෙන්ම ආත්මික පියාගේ ශක්තිමත් අත්වැලද හේතුවක් වේ. ආෙන්‍දා් ලූවී ස්වභාවයෙන්ම ඉතා ප‍්‍රායෝගික චින්තකයෙකි. ප‍්‍රංශ විප්ලවයේ මුල්කාලීන වෙඩිමුර එල්ල වූ කාලයේ ඔහුගේ හො`දම මිතුරකුද ඉතා ක‍්‍රියාකාරී ජනරජවාදියෙකු වන අතර ආෙන්‍දා් ලූවී තම ප‍්‍රායෝගික මතවාදය තුලම රැු`දී සිටියි.
මාක්විස්වරයාගේ ඉඩම් මුරකරුවා විසින් එම ඉඩමට ඇතුල් වූ දුප්පත් ගම්වැසියෙකුට වෙඩි තබා මරා දැමීම සම්බන්දයෙන් එම ගම්වැසියාගේ පවුලේ උදවිය වෙනුවෙන් සාධාරණයක් ඉවුකරදීම සම්බන්දයෙන් මැදිහත් වන්නැයි ඉල්ලා ආෙන්‍දා් ලූවීගේ ජනරජවාදී මිත‍්‍රයා සමග ඔහුගේ බලවත් පෙරැුත්තය නිසාම කර්කේදිය මැතිදු මුණගැසීමට ආෙන්‍දා් ලූවී යන්නේද අදාළ විවාහ යෝජනාව රැුගෙන මාක්විස්වරයා පැමිණි අතරවාරයේදීය. 
මාක්විස්වරයාට එරෙහි කතාබහ ඇතිවන්නේ ඔහු සිටින තැන ඔහු ඉදිරියේදීමය. මෙහිදී ආවේගශීලී බවට පත්වන ආෙන්‍දා් ලූවීගේ ජනරජවාදී මිත‍්‍රයා පිලිප් ද විල්මොරින් ඉතා භයානක අන්දමින් අනාගතයේදී ඇතිවන නිර්ධන පංති නැගිටීමක් පිළිබදව මාක්විස්වරයාට අනතුරු අගවයි. 
”ළග පැමිණෙන කුණාටුවේ අනතුරු ඇගවීමක් මෙන් එක්වන වළාකුළු ඔබට නොපෙණේද? නෙකර් මැතිතුමා විසින් කැදවනු ලැබ ලබන වසරේදී රැුස්වීමට නියමිත පොදු මණ්ඩලය රාජ්‍ය ණය ආපසු ගෙවීම සදහා තව තවත් සූරාකෑමේ ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමේ අතකොළුවක් පමණක් වේ යයි ඔබ සිතනවා වන්නට ඇති. ඔබ එසේ සිතන්නේ නම්, ඔබේ බලාපොරොත්තු සුන්වනු නියතයි. ඔබ දැන් හෙළාදකින තෙවන පංතිය පොදු මණ්ඩලය තුල තම බලය පෙන්වනු ඇත. මේ අවාසනාවන්ත රටේ සාරය උරාබොන රදළ පන්තිය නැමති පිළිකාව මුලිනුපුටා දැමීමට මගක් තෙවන පංතිය විසින් සකස් කරනු ඇත.”
මෙම බස් අසා කිපෙන මාක්විස්වරයා පිලිප් ද විල්මොරින්ට පෞද්ගලික අපහාසයක් කරමින් අසිපත් මගින් කරන ද්වන්ධ යුද්ධයක් සදහා වන අභියෝගයක් විල්මොරින්ගේ මුවින්ම ලබාගනියි. අසිපත් ශිල්පයෙහි කෙළ පැමිණියෙකු වන ඇසීර්හි ද ලා තුර් මාක්විස්වරයා, අසිපතක් අතින් හෝ අල්වා නොමැති පිලිප් ද විල්මොරින් ද්වන්ධ යුද්ධයේදී මරා දමයි. ආෙන්‍දා් ලූවී සැබෑ ලෙස අවතීර්ණ වන්නේ මෙතැන් සිටයි. තම ළබැදි මිතුරා වූ පිලිප් මරා දැමීමේ පළිය ඔහු ගන්නා බව දිවුරා කියන ආෙන්‍දා් ලූවී තවමත් නීතියේ බලය පිළිබද විශ්වාස කරන්නේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අධිකරණ නිලධාරියෙකු වෙත යයි. තම සමාජ පන්ති සගයෙකුට එරෙහිව නගන ලද එම පැමිණිල්ල අධිකරණ නිලධාරියා උදාසීන ලෙස ප‍්‍රතික්ශේප කරයි. ආෙන්‍දා් ලූවීට විශාල කළකිරීමක් ඇතිවන අතර ඔහු ජනරජවාදයද රාජාණ්ඩුව හා ප‍්‍රභූ පැලැන්තියද පිළිබද ඔහුගේ ස්වාධීන අදහස්ද තිබියදී මෙතැන්සිට තම මිතුරාගේ හඩ වීමට සිතට ගනියි. 
නගරයෙහි එක්රැුස්වී සිටින ජනරජවාදීන් අමතා ප‍්‍රසිද්ධියේ කතා කරන ඔහු ඒ මගින් නගරයේ අතිවිශාල කලබැගෑනියක් ඇතිකරවයි. මේ සම්බන්දයෙන් ආෙන්‍දා් ලූවී දුටුතැන අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගයක් නිකුත් වේ. ඔහු උපක‍්‍රමික පසුබැසීමක් වශයෙන් සැගවී, වෙස්වළාගෙන පළායයි. පලායෑමේ දීර්ඝ කාලය තුලදී ආවතේව කරුවකු, නළුවකු, තිර පිටපත් රචකයෙකු, ව්‍යාපාරිකයෙකු, කඩු ශිල්ප විශාරදයෙකු හා දේශපාලකයෙකු වශයෙන් ඔහුගේ දීර්ඝ ගමන්මග ස්කැරමවුෂ් ග‍්‍රන්ථයේ ආකර්ශණීය ලෙස විස්තර කර ඇත. ජීවන ගමන් මගේ විවිධාකාර මට්ටම් ඇති සැටියෙන්ම අත්විදිමින් ආෙන්‍දා් ලූවී හෙවත් ස්කැරමවුෂ් තමාගේ පළිගැනීමේ සංග‍්‍රාමයේ කූටප‍්‍රාප්තියට ළගාවීමට මොහොතකට පෙර ඔහුට දැනගැනීමට ලැබෙන්නේ කුමක්ද???
අතිශය ආකර්ශණීය ඓතිහාසික නවකතාවක් ඉදිරිපත් කරන අතරතුරම ලෝක දේශපාලනයේ එක් පොදුජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ සංග‍්‍රාමයන් අතර ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගන්නා ප‍්‍රංශ විප්ලවය හා බැදුණු අතිශය වැදගත් සංවේදී කාරණා සමුදායක් සබාතිනී මේ හරහා ගෙනහැර දක්වා ඇත්තේය. සමාජ සංවර්ධන ක‍්‍රියාදාමය තුල එක්තරා තලයකදී වරප‍්‍රසාද ලාභීන් පෙරළා දමමින් පොදු ජනතා නැගිටීමක් අපේක්ෂා කළ හැකි වුවද අදාළ නැගිටීම තුලින් අපේක්ෂිතයැයි අසරණ නිර්ධන පාංතිකයා අවබෝධ කරගනු ලබන අරමුණු හා ජනතා නැගිටීමෙන් අනතුරුව අත්පත් කරගනු ලබන ඉලක්කයන් අතර පවත්නා දුරස්ථභාවය ආෙන්‍දා් ලූවීගේ දෘෂ්ටිකෝණයකින් පූර්ව විප්ලව ආස්ථානයක සිටිමින් විග‍්‍රහ කිරීමට කතුවරයා සමත් වී ඇත. වැඩවසම් සමාජ ක‍්‍රමයෙන් වෙළද පංතිය හා නිර්ධන පංතිය පීඩාවට ලක්වෙද්දී වරප‍්‍රසාද ලත් රදළ පංතිය සුඛෝපභෝගී ජීවිත ගතකරනු ලබන ආකාරයත් නිර්ධන පංතිය දඩමීමා කරගනිමින් වැඩවසම් සමාජ ක‍්‍රමය හා රාජාණ්ඩු ක‍්‍රමය පෙරළා දමන වෙළද පංතිය විප්ලවීය ජයග‍්‍රහණයෙන් අනතුරුව වෙළදපොළ පදනම් කරගත් ධනේශ්වර අර්ථ ක‍්‍රමයක් තුල පෝෂණය වෙමින් ධනපති පංතිය ලෙස ඉස්මතු වී නැවතත් නිර්ධන පංතිය තලා පෙළන්නට පටන්ගන්නා ආකාරයත් මෙහිදී ආෙන්‍දා් ලූවී ඉතා සාර්ථකව පුරෝකථනය කරන්නේ නිර්ධන පංති අරගලය සාමූහික අරගලයක් නොව නිර්ධන පංති ජනයාට ආවේණික වූ සහ ඔවුන්ගේ සැබෑ අභිලාශයන්ට ආමන්ත‍්‍රණය කරන්නක් විය යුතු වන්නේය යන මූලධර්මය නැවතත් පසක් කරමිනි. 
වර්තමාන ශ‍්‍රී ලංකා සමාජයේ මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්දයෙන් බහුතර ජනයා තුල  පවත්නා හැගීම ඉතා කණගාටුදායක එකකි. ලෝකයේ අනෙකුත් රටවල නිර්ධනපාංතිකයින් අරගල මගින් ජීවිත පරීත්‍යාගයෙන් දිනා ගන්නා ලද මෙම අයිතීන්, එසේ අයිතීන් දිනාගත් රාජ්‍යයක යටත් විජිතයක් වශයෙන් සිටීම හේතුවෙන් අපිට ලැබුණේ නිරායාසයෙනි. එම සංකල්පයන් ඇතිවූ රාජ්‍යයන්හි මේ සම්බන්දයෙන් අනන්ත ලේ වැගිරීම්, ජීවිත පරිත්‍යාගයන් සිදුවුවද අප රටේ එසේ සිදුවීමට තිබූ සමාජ සංවර්ධන ක‍්‍රියාදාමයි 1815 ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කරගැනීමත් සමගම ස්වායත්ත භාවයෙන් මිදී ගියේය. ඉන්පසු අපගේ සමාජ සංවර්ධන ක‍්‍රියාවලිය වූ කලී යටත් විජිතවාදී මානසික තත්වයකින් සිර කරනු ලැබූ ශ‍්‍රී ලාංකීය හා බි‍්‍රතාන්‍ය දෙමුහුමකි. එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් සම්බන්දයෙන් අපේකමක්, කැක්කුමක් ශ‍්‍රී ලාංකීය බහුතරය තුල නොපැවතීමත් ඒවා අපේ නොවන දේවල් වශයෙන් ඇතමුන් විසින් බැහැර කරනු ලැබීමත් කිසිසේත්ම පුදුමයට කාරණා නොවේ. 
කෙසේ වෙතත් මානව සංවර්ධන ක‍්‍රියාවලියේ තීරණාත්මක සිදුවීමක් වන ප‍්‍රංශ විප්ලවය අළලා රචිත රෆායෙල් සබාතිනීගේ ස්කැරමවුෂ් ශ‍්‍රී ලාංකීය නිර්ධන පංතිය හා බටහිර නිර්ධන පංතිය සහෝදරත්වයෙන් සැළකීමට මග පෙන්වයි. ශ‍්‍රී ලාංකීය නිර්ධන පාංතිකයාගේ වගකීම වන්නේ දේශීය ධනපති පංතිය හා ඔවුන්ගේ කරපිටින් බලය රැකගන්නා පාලක ධනපති පැළැන්තියට මුක්කු ගසිමින් සමස්ථ බටහිර ලෝකයට විරුද්ධ වීමය යන ජනප‍්‍රිය මතවාදයට මෙම ග‍්‍රන්ථයෙන් මරු පහරක් එල්ලවන්නේ අදාළ අයිතීන් දිනා ගැනීමේ සංග‍්‍රාමයේදී ප‍්‍රංශ නිර්ධන පාංතිකයාගේ කැපකිරීම්, වේදනාවන් හා හැගීම් මේ තුලින් ලාංකික පාඨකයාටද සමීප කරවන බැවිනි.
නමුත් මෙය කිසිසේත්ම දේශපාලන ග‍්‍රන්ථයක් නොවේ. දේශපාලනය පිළිබද උනන්දු වන නොවන, ලොකු කුඩා සියල්ලන්ටම එකසේ රස විදිය හැකි අපූර්වතම, චමත්කාරජනක, විචිත‍්‍ර කතාන්දරයක් මෙහි ඇත. දෙනුවර අන්දරය, ස්කාලට් පිම්පර්නල් ආදීවූ ඓතිහාසික කතාන්දර අතුරින් මාගේ සිත වඩාත් ඇද බැද ගැනීමකට ලක්කරනලද ආකර්ශණීයම ඓතිහාසික නවකතාව ස්කැරමවුෂ්ය.

No comments:

Post a Comment