Friday, January 13, 2012

හිරු නොදුටුවෙමු - ඇල්ෆ‍්‍රඞ් ලැන්සිං

ENDURANCE – Alfred Lansing

හිරු නොදුටුවෙමු - ඇල්ෆ‍්‍රඞ් ලැන්සිං
පරිවර්තනය - ඉන්ද්‍රාණි කරුණාරත්න
ආශිර්වාද ප‍්‍රකාශකයෝ
මිළ රු. 490
වීරයෙකු සේ සමාජයේ කැපී පෙනීමට මිනිසුන්ගේ ඇති කැමැත්ත අතීතයට වර්තමානයට මෙන්ම අනාගතයටද පොදු වන්නකි. ඒ සදහා කලින් කලට මිනිසුන් විවිධාකාර උපක‍්‍රමයෝ භාවිතා කරනු දැකිය හැකිය. වීරත්වය ලොවට මෙන්ම තමාටද හුවාදක්වා ගැනීම තම ජීවිතයට සාධාරණත්වය ඉටුකිරීම යැයි අදහන, වීරත්වය ආත්මය කරගත් අසහාය මිනිසුන් තවමත් හිග නොවෙති. විසිවැනි සියවසේ මුල් භාගයේ ඒ කටයුත්ත සදහා බොහෝ දෙනා තෝරාගත් මාර්ගය වූයේ දේශ ගවේශණයයි. සාමාන්‍ය මිනිසාට ළගා විය නොහැකි ස්ථාන කරා ළගා වන්නවුන් එයින් අපමණ ආත්ම තෘප්තියක් ලබාගත්තා පමණක් නොව ලෝකවාසී ජනතාවගේ සම්භාවනාවටද පාත‍්‍ර වූහ. මෙම සත්‍ය කතාවෙන් කියැවෙන්නේ එවැනි වීර චාරිකාවක් සදහා පිටත් වී අවසානයේ අනූ නවයෙන් නමුත් සියළු දෙනාගේම දිවි ගලවාගැනීමට සමත්වන ගවේශණ කණ්ඩායමක මනබන්දනීය කතාන්තරයයි.
පළමුවැනි ලෝක මහා සංග‍්‍රාමය ආරම්භවූ සමයේ සර් අර්නස්ට් ෂෙකල්ටන් නැමති ප‍්‍රසිද්ධ දේශ ගවේශකයා ගවේශණයක් සූදානම් කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවය හරහා ගමන් කිරීමටය. ඒ සදහා අපමණ උත්සාහයක් දරා, අනුග‍්‍රාහකයින් සපයාගෙන, අවශ්‍ය කාර්ය මණ්ඩලය බදවාගෙන ගමන් ආරම්භ කිරීමට ඔහුට පුරා වසර දෙකක කාලයක් ගතවිය. ඔහු ඒ සදහා තෝරාගන්නා රුවල් යාත‍්‍රාව ”එන්ඩියුරන්ස්” ය.
”කුඹගස් තුනක් සහිත රුවල් නැවක් වූ එන්ඩියුරන්ස්හි පෙනුම සිත් ඇදගන්නාසුළු එකකි. ඇගේ පතුලේ සම්පූර්ණ ඝනකම අඩි හතයි අගලක් වන පරිදි එක පිට එක තැබූ ශක්තිමත්, සෙරු ඔක් ලී තට්ටු හතරකින් නිමවා තිබිණ.”
එසේ ශක්ති සම්පන්නව සාදන ලද එන්ඩියුරන්ස් දකුණු ජෝර්ජියානු දුපත් වලින් පිටත් වී මාස එකොළහයි දින දහසයකට පසු එහි නැවියන්ව වෙඩෙල් මුහුද මධ්‍යයේ අවිනිශ්චිතතාවයේ අතරමං කර දමා ගිලී ගියාය. එතැන් සිට ඇරඹෙන්නේ චාරිකාවේ අරමුණ පසෙක තිබියදී තම ජීවිත උදෙසා පුරා වසර දෙකකට ආසන්න කාළයක් තිස්සේ නිරතුරුවම මරු තුරුලේ හිදිමින් මරණය හා සටන්විදින්නා වූ සැබෑ මිනිසුන්ගේ කතාවයි.
මුහුද සහ චණ්ඩ මාරුතය නැව් සම්බන්දයෙන් කෙතරම් මාරාන්තික දැයි කීමට අටුවා ටීකා අනවශ්‍යය. නමුත් තෙරක් නොපෙනෙන මහා අයිස් තට්ටුවක් මත අතරමං වූ අසරණ මිනිසුන් පැහැදිලි මුහුද දකිනු රිසියෙන් සිය දහස් වාරයක් ක්ෂිතිජය දෙස නෙත් යොමන්නට ඇත. අතිශය මාරාන්තික, පීඩාකාරී චණ්ඩ මාරුතය ඔවුන්ව පීඩාවට පත්කරන්නාහාම උතුරට ඔවුන් තල්ලූ කරමින් තමන්ගේ ගැලවීමට තවත් යාරයකින් දෙකකින් හෝ සමීප කරවන බව දන්නා නිසා චණ්ඩ මාරුතයට ඔවුහු පණමෙන් ආලය කලෝය. මිනිසෙකුට අද ඇති තරම් කෑමට ආහාර ඇත. නමුත් තවත් සති දෙකකින් කෑමට කිසිත් නොමැතිව අසරණව ළපටි කළ පටන් සුරතල් කර සැදු බල්ලා මරා ආහාරයට ගැනීමට සිදුවීම කරනවාට වඩා කීම පහසු කාර්යයකි. ඒත් මේ අනුපමේය මිනිසුන්ට දිවි ආරක්ෂා කරගැනීමට ඇතැම් අවස්ථා වලදී එවැනි දෑද කිරීමට සිදුවිය.
”ඌ හරිම හොද, කීකරු, හොදට මහන්සි වෙන්න පුළුවන් සතෙක්. පුංචි කාලේ ඉදලම ඌව බලාගත්තේ, කැව්වේ පෙව්වේ, හුරතල් කලේ මම. පුංචිකාලේ මම යන තැනක ඌව අරන් යන්නේ සාක්කුවට ඔබාගෙන. ඔළුව එළියට දමලා හැමදේම බලන්න තියෙන උනන්දුව හින්දා ආපහු එනකොට පුංචි හිමකැට උගේ පුංචි නහය උඩ මිදිලා.” හෙට දිනයේ මරා දැමීමට නියමිත තම සුරතල් බල්ලා ගැන එක් නාවිකයෙකු දිනපොතේ එසේ ලීවේය.
”කිසිම සතෙකුට සිදුවන දේ ගැන අවබෝධයක් නොතිබුණෙන් උන් වයිල්ඞ්අඩගැසූ විට ළගට ආවේ සතුටින් වල්ගය වනමිනි. බල්ලන් අයිස් මත හිදුවන වයිල්ඞ් උන්ගේ හිසටම වෙඩිතබා මරා දැමුවේය.”
” ඕනෑම උත්සවයකට වුණත් හොදයි, සීල් මාළුම කකා ඉදලා අප්පිරියා වෙලා හිටියේ. නෙල්සන් කෑල්ලක රහ බලන්න.”
මේ මිනිසුන්ගේ දිවි සුරක්ෂිත වූයේ එසේය. ටිකෙන් ටික අයිස් මිදෙන සීමාවෙන් ඈත්වන ඔවුන් තම බෝට්ටු ත‍්‍රිත්වය යොදාගෙන තවත් උතුරට යාත‍්‍රා කරන්නට උත්සාහ කරන්නේ දිශා ගණනය ඉතා සුළු වරදක් මාරාන්තික දෛවෝපගත වරදක් විය හැකි තත්වයක් යටතේය. කෙසේ වෙතත් අවසානයේ සර් අර්නස්ට් ෂෙකල්ටන්ගේ නායකත්වයේ මහිමයද, සෙමෙන් වුවද උතුරට හමමින් හිම ස්ථරයෙන් ඔවුන් ඈත් කලා වූ මාරුතයද, යම්තාක් දුරකට වාසනාවද පිහිටාධාර කරගනිමින් සිය ජීවිත බේරා ගැනීමට සමත් වෙති. දක්ෂිණ ධ‍්‍රැවය ආසන්නයේ දියවැල් ගහණ කළාපයක කුඩා දිවයිනක් ඉලක්ක කරගෙන අබලන් බෝට්ටු තුනක්ද, සීමිත ආහාර ප‍්‍රමාණයක්ද, වැරහැළි වූ ඇදුම්ද, ජරාජීර්ණ වූ කූඩාරම් කිහිපයක්ද සමග සටන් වදින නිර්භීත සැබෑ මිනිසුන්ගේ කතාව, ඔබ කියවිය යුතුම කතාව ”හිරු නොදුටුවෙමු” ය.

සංසන්ධිකයා - ෆෙඞ්රික් ෆෝසයිත්

THE NEGOTIATOR – Frederick Forsyth

සංසන්ධිකයා - ෆෙඞ්රික් ෆෝසයිත්
පරිවර්තනය - අභය හේවාවසම්
සූරිය ප‍්‍රකාශකයෝ
මිළ රු.650

”ඔක්ස්ෆෝඞ්ෂයර්හීදී ගම්බද පාරකදී තරුණයෙකු පැහැරගැනීම, එක්සත් ජනපදයේ ජනාධිපති එම ධූරයෙන් පැන්නීමට ආරම්භ කරනලද, අතිබිහිසුණු, අනුකම්පා විරහිත ක‍්‍රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතිවිලි අතින්ද විනාශ වනු ඇත. එය වැලැක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ, ලොව ප‍්‍රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසකුගේ ජීවිතය බේරාගැනීමට අතරමැදි වීමට සිදුවූයේ, පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල බව නොදැනය.”

සංසන්ධිකයා ග‍්‍රන්ථයේ කවරයේ පිටුපස පැත්තේ මුද්‍රිත ඉහත ප‍්‍රකාශය තුල සදහන් තරුණයා සයිමන් කෝර්මැක් නම් අන් කිසිවකු නොව අමෙරිකානු ජනාධිපති ජෝන් කෝර්මැක් ගේ එකම පුත‍්‍රයාය. 
වර්ෂ 1992 ආසන්නකාලයේ ගෝලීය දේශපාලනය තුල ඇතිවූ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සේ සැළැකිය හැකි සිදුවීමකි සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිවූ නැන්ටකට් ගිවිසුම. මෙම ගිවිසුම හරහා එතෙක් තරගකාරී ලෙස එකිනෙකාට එරෙහිව තමන්ගේ යුධ ශක්තිය වර්ධනය කරගැනීමට වළිකන ලද මේ ගෝලීය බලවතුන් දෙදෙනා ස්වේච්ඡුාවෙන් තම තමන්ගේ යුධ ශක්තීන් සීමා කරගැනීමට මෙම ගිවිසුම හරහා එකගවූහ. මේ යටතේ සීතල යුද්ධය නිමාවී ධනේශ්වර කදවුර සහ සමාජවාදී කදවුර අතර ඇතිවිය හැකිව තිබූ තුන්වන ලෝක යුද්ධයක් පිළිබද භීතිය ලොක වාසීන්ගේ සිත් සතන් වලින් තුරන් වුවද පසුකාලීනව සෝවියට් දේශය බිදවැටීම සදහා වූ ප‍්‍රධානතම සාධකයක් ලෙස මෙම නැන්ටකට් ගිවිසුම ගෝලීය දේශපාලන විචාරකයෝ හදුන්වති.
මෙම ගිවිසුම් ඇතිකරගැනීම හා සමගාමීව සිදුවී යැයි කියන යම් යම් සිදුවීම් ආශ‍්‍රය කරගනිමින් ලෝකයේ අති සාර්ථකම දේශපාලන ප‍්‍රබන්දකරුවා වන ෆෙඞ්රික් ෆෝසයිත් මෙම අගනා ග‍්‍රන්ථය රචනා කර ඇත. නැන්ටකට් ගිවිසුම කෙරෙහි එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ වූ හේතුන් නිසා විරෝධාකල්පයක් දරන ඇමරිකානුවන් පිරිසක් හා රුසියානු ආරක්ෂක අංශවල ඉහළම නිලතල දරන්නා වූ පුද්ගලයන් කිහිපදෙනෙක් අතර ඇතිවන තාවකාලික එකගතාවයක් මෙම කුමන්ත‍්‍රණයේ මූලාරම්භය වේ. මෙම ගිවිසුම ඇතිවීම වැලැක්වීම සදහා ඔවුන් තෝරාගනු ලබන මාර්ගය වන්නේ ජනාධිපති වරයාට පුත‍්‍ර වියෝගයේ වේදනාව දැනීමට සලස්වා පරිපාලන කාර්යයන් වලට සිත යොමු කිරීමට නොහැකි වන මානසික තත්වයක් ඔහු තුල ජනිත කරවීමයි. මේ අරමුණ නොදත් ධවල මන්දිර කාර්ය මණ්ඩලය මෙවන් සිද්ධීන් සම්බන්දයෙන් විශේෂීකරණය වූ, ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම සම්බන්දයෙන් විශේෂඥයකු වන කිවින් මේ සදහා යොදාගනී. තමාගේම ක‍්‍රමවේදයන්ට යටත්ව කටයුතු කිරීමට කැමති ක්වින්ට මේ සම්බන්දයෙන් වන බි‍්‍රතාන්‍ය හා අමෙරිකානු නිලධාරීන්ගේ මැදිහත්වීම කරදරකාරී වන නමුත් උපක‍්‍රමශීලීව නියමිත අවස්ථාවේ ඔවුන්ගේ ග‍්‍රහණය මගහැර තමාගේ ආවේණික ක‍්‍රමවේදයට අවතීර්ණ වන ක්වින් සාර්ථක ලෙස සයිමන් කෝර්මැක්ව කප්පම් කරුවන්ගෙන් මුදාගනී. එහෙත් ඔහුට ඉන්පසු මුහුණදීමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අත්දැකීමකටය. ඇස් අන්ධ කරවන, අතිශය දීප්තිමත්, ක්ෂණික ආලෝකයක්...............
කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි. සයිමන් කෝර්මැක් පැහැරගැනීම සම්බන්දයෙන් වන සත්‍යය අනාවරණය කරගැනීමේ ක්වින්ගේ මහා සංග‍්‍රාමය එතැන්සිට කතුවරයා ලොමු ඩැහැගන්නා අයුරින් විස්තර කරයි. සාර්ථකත්ව පෙනි පෙනී කිහිපවරක් ඇදවැටීම, අහඹු ලෙස ලැබෙන සාක්ෂි, බලාපොරොත්තු කඩවීම්, ක්ෂණිකව මරණයට පත්වීමේ අවදානම ආදී වූ දහසකුත් එකක් අභියෝග මධ්‍යයේ තම අරමුණ ජයගැනීමට ක්වින් හෙවත් සංසන්ධිකයා අවසානයේ සමත් වෙයි. 
ලොමු ඩැහැගන්නා කතාන්තරයට අමතරව දේශපාලන ලෝකයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන නැන්ටකට් ගිවිසුම හා සම්බන්දිත දේශපාලන පොරපිටියේ සිදුවීම්ද ප‍්‍රබන්දකරුවා මනා ලෙස, කියවන්නාගේ රසවින්දනයට බාධාවක් නොවන පරිදි ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. මෙම සිදුවීම කුමන්ත‍්‍රණයේ එක් පියවරක් පමණක් වන අතර ඇමරිකාව දෙසින් මෙන්ම සෝවියට් දේශය දෙසින්ද මේ හා සමගාමීව ක‍්‍රියාත්මක වන්නාවූ තිරය පිටුපස සැලසුම්ද සමගින් ගෝලීය බලය ආරක්ෂා කරගැනීම සදහා ලෝක බලවතුන් දෙදෙනාගේ නිහීන ක‍්‍රියාකාරකම් සම්බන්දව මනා විග‍්‍රහයක් සිය ප‍්‍රබන්දය අතරතුර ඉදිරිපත්කිරීමටද ෆෝසයිත් අමතක නොකරයි. 
කෙසේ වෙතත් දැන් සිටින්නේ එක් ලොක බලවතකු පමණි. ඒ නිසා සමස්ථ ලෝක වාසීන්ට විදින්නට සිදුවී ඇති අපහසුතා අපි අද ඇස් පනාපිට දකිමු. ලෝක දේශපාලනයේ එවන් බරපතල වෙනස්කමක් ඇතිකළාවූ අතිශය වැදගත් මෙම සිදුවීම හා ඒ අවට පරිසරය පිළිබද අධ්‍යනය කරන්නෙකුට රසවින්දනයද සමගින් අවශ්‍ය දැනුමද සපයාදෙන අනුපමේය ග‍්‍රන්ථයකි සංසන්ධිකයා.

Thursday, January 12, 2012

ස්කැරමවුෂ්- රෆායල් සබාතිනී

SCARAMOUCH – Rafael Sabatini

ස්කැරමවුෂ්- රෆායල් සබාතිනී
පරිවර්තනය - බෙනඩික්ට් සපරමාදු
විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රයේ ප‍්‍රකාශනයකි.
මිළ රු. 500

ප‍්‍රංශ විප්ලවය හා බැදුණු එ හා සමකාලීන සිදුවීම් සමුදායක් විස්තර කෙරෙන අතිශය ආකර්ශණීය නවකතාවකි. ආෙන්‍දා් ලූවී ප‍්‍රංශයේ ගම්බද ප‍්‍රදේශයක ප‍්‍රභූවරයෙකු විසින් ආත්මික දරුවා ලෙස හදාවඩා ගනු ලබන අනාථයෙකි. ඔහු අදාල ප‍්‍රභූවරයාගේ අවජාතක පුත‍්‍රයා බවට යම් යම් රාවයන් පවත්නා නමුත් එ් පිළිබදව නිවැරදි යැයි සැළකිය හැකි තොරතුරක් ලබාදීමට සමත් කිසිවකු නැත. අදාළ සිටුවරයා ඔහු වෙත මනා අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන අතර ආෙන්‍දා් ලූවී නීතීඥයෙකු වීමට ඔහු තුල පැවැතියාවූ සහජ දක්්ෂතාවය මෙන්ම ආත්මික පියාගේ ශක්තිමත් අත්වැලද හේතුවක් වේ. ආෙන්‍දා් ලූවී ස්වභාවයෙන්ම ඉතා ප‍්‍රායෝගික චින්තකයෙකි. ප‍්‍රංශ විප්ලවයේ මුල්කාලීන වෙඩිමුර එල්ල වූ කාලයේ ඔහුගේ හො`දම මිතුරකුද ඉතා ක‍්‍රියාකාරී ජනරජවාදියෙකු වන අතර ආෙන්‍දා් ලූවී තම ප‍්‍රායෝගික මතවාදය තුලම රැු`දී සිටියි.
මාක්විස්වරයාගේ ඉඩම් මුරකරුවා විසින් එම ඉඩමට ඇතුල් වූ දුප්පත් ගම්වැසියෙකුට වෙඩි තබා මරා දැමීම සම්බන්දයෙන් එම ගම්වැසියාගේ පවුලේ උදවිය වෙනුවෙන් සාධාරණයක් ඉවුකරදීම සම්බන්දයෙන් මැදිහත් වන්නැයි ඉල්ලා ආෙන්‍දා් ලූවීගේ ජනරජවාදී මිත‍්‍රයා සමග ඔහුගේ බලවත් පෙරැුත්තය නිසාම කර්කේදිය මැතිදු මුණගැසීමට ආෙන්‍දා් ලූවී යන්නේද අදාළ විවාහ යෝජනාව රැුගෙන මාක්විස්වරයා පැමිණි අතරවාරයේදීය. 
මාක්විස්වරයාට එරෙහි කතාබහ ඇතිවන්නේ ඔහු සිටින තැන ඔහු ඉදිරියේදීමය. මෙහිදී ආවේගශීලී බවට පත්වන ආෙන්‍දා් ලූවීගේ ජනරජවාදී මිත‍්‍රයා පිලිප් ද විල්මොරින් ඉතා භයානක අන්දමින් අනාගතයේදී ඇතිවන නිර්ධන පංති නැගිටීමක් පිළිබදව මාක්විස්වරයාට අනතුරු අගවයි. 
”ළග පැමිණෙන කුණාටුවේ අනතුරු ඇගවීමක් මෙන් එක්වන වළාකුළු ඔබට නොපෙණේද? නෙකර් මැතිතුමා විසින් කැදවනු ලැබ ලබන වසරේදී රැුස්වීමට නියමිත පොදු මණ්ඩලය රාජ්‍ය ණය ආපසු ගෙවීම සදහා තව තවත් සූරාකෑමේ ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමේ අතකොළුවක් පමණක් වේ යයි ඔබ සිතනවා වන්නට ඇති. ඔබ එසේ සිතන්නේ නම්, ඔබේ බලාපොරොත්තු සුන්වනු නියතයි. ඔබ දැන් හෙළාදකින තෙවන පංතිය පොදු මණ්ඩලය තුල තම බලය පෙන්වනු ඇත. මේ අවාසනාවන්ත රටේ සාරය උරාබොන රදළ පන්තිය නැමති පිළිකාව මුලිනුපුටා දැමීමට මගක් තෙවන පංතිය විසින් සකස් කරනු ඇත.”
මෙම බස් අසා කිපෙන මාක්විස්වරයා පිලිප් ද විල්මොරින්ට පෞද්ගලික අපහාසයක් කරමින් අසිපත් මගින් කරන ද්වන්ධ යුද්ධයක් සදහා වන අභියෝගයක් විල්මොරින්ගේ මුවින්ම ලබාගනියි. අසිපත් ශිල්පයෙහි කෙළ පැමිණියෙකු වන ඇසීර්හි ද ලා තුර් මාක්විස්වරයා, අසිපතක් අතින් හෝ අල්වා නොමැති පිලිප් ද විල්මොරින් ද්වන්ධ යුද්ධයේදී මරා දමයි. ආෙන්‍දා් ලූවී සැබෑ ලෙස අවතීර්ණ වන්නේ මෙතැන් සිටයි. තම ළබැදි මිතුරා වූ පිලිප් මරා දැමීමේ පළිය ඔහු ගන්නා බව දිවුරා කියන ආෙන්‍දා් ලූවී තවමත් නීතියේ බලය පිළිබද විශ්වාස කරන්නේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අධිකරණ නිලධාරියෙකු වෙත යයි. තම සමාජ පන්ති සගයෙකුට එරෙහිව නගන ලද එම පැමිණිල්ල අධිකරණ නිලධාරියා උදාසීන ලෙස ප‍්‍රතික්ශේප කරයි. ආෙන්‍දා් ලූවීට විශාල කළකිරීමක් ඇතිවන අතර ඔහු ජනරජවාදයද රාජාණ්ඩුව හා ප‍්‍රභූ පැලැන්තියද පිළිබද ඔහුගේ ස්වාධීන අදහස්ද තිබියදී මෙතැන්සිට තම මිතුරාගේ හඩ වීමට සිතට ගනියි. 
නගරයෙහි එක්රැුස්වී සිටින ජනරජවාදීන් අමතා ප‍්‍රසිද්ධියේ කතා කරන ඔහු ඒ මගින් නගරයේ අතිවිශාල කලබැගෑනියක් ඇතිකරවයි. මේ සම්බන්දයෙන් ආෙන්‍දා් ලූවී දුටුතැන අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගයක් නිකුත් වේ. ඔහු උපක‍්‍රමික පසුබැසීමක් වශයෙන් සැගවී, වෙස්වළාගෙන පළායයි. පලායෑමේ දීර්ඝ කාලය තුලදී ආවතේව කරුවකු, නළුවකු, තිර පිටපත් රචකයෙකු, ව්‍යාපාරිකයෙකු, කඩු ශිල්ප විශාරදයෙකු හා දේශපාලකයෙකු වශයෙන් ඔහුගේ දීර්ඝ ගමන්මග ස්කැරමවුෂ් ග‍්‍රන්ථයේ ආකර්ශණීය ලෙස විස්තර කර ඇත. ජීවන ගමන් මගේ විවිධාකාර මට්ටම් ඇති සැටියෙන්ම අත්විදිමින් ආෙන්‍දා් ලූවී හෙවත් ස්කැරමවුෂ් තමාගේ පළිගැනීමේ සංග‍්‍රාමයේ කූටප‍්‍රාප්තියට ළගාවීමට මොහොතකට පෙර ඔහුට දැනගැනීමට ලැබෙන්නේ කුමක්ද???
අතිශය ආකර්ශණීය ඓතිහාසික නවකතාවක් ඉදිරිපත් කරන අතරතුරම ලෝක දේශපාලනයේ එක් පොදුජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ සංග‍්‍රාමයන් අතර ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගන්නා ප‍්‍රංශ විප්ලවය හා බැදුණු අතිශය වැදගත් සංවේදී කාරණා සමුදායක් සබාතිනී මේ හරහා ගෙනහැර දක්වා ඇත්තේය. සමාජ සංවර්ධන ක‍්‍රියාදාමය තුල එක්තරා තලයකදී වරප‍්‍රසාද ලාභීන් පෙරළා දමමින් පොදු ජනතා නැගිටීමක් අපේක්ෂා කළ හැකි වුවද අදාළ නැගිටීම තුලින් අපේක්ෂිතයැයි අසරණ නිර්ධන පාංතිකයා අවබෝධ කරගනු ලබන අරමුණු හා ජනතා නැගිටීමෙන් අනතුරුව අත්පත් කරගනු ලබන ඉලක්කයන් අතර පවත්නා දුරස්ථභාවය ආෙන්‍දා් ලූවීගේ දෘෂ්ටිකෝණයකින් පූර්ව විප්ලව ආස්ථානයක සිටිමින් විග‍්‍රහ කිරීමට කතුවරයා සමත් වී ඇත. වැඩවසම් සමාජ ක‍්‍රමයෙන් වෙළද පංතිය හා නිර්ධන පංතිය පීඩාවට ලක්වෙද්දී වරප‍්‍රසාද ලත් රදළ පංතිය සුඛෝපභෝගී ජීවිත ගතකරනු ලබන ආකාරයත් නිර්ධන පංතිය දඩමීමා කරගනිමින් වැඩවසම් සමාජ ක‍්‍රමය හා රාජාණ්ඩු ක‍්‍රමය පෙරළා දමන වෙළද පංතිය විප්ලවීය ජයග‍්‍රහණයෙන් අනතුරුව වෙළදපොළ පදනම් කරගත් ධනේශ්වර අර්ථ ක‍්‍රමයක් තුල පෝෂණය වෙමින් ධනපති පංතිය ලෙස ඉස්මතු වී නැවතත් නිර්ධන පංතිය තලා පෙළන්නට පටන්ගන්නා ආකාරයත් මෙහිදී ආෙන්‍දා් ලූවී ඉතා සාර්ථකව පුරෝකථනය කරන්නේ නිර්ධන පංති අරගලය සාමූහික අරගලයක් නොව නිර්ධන පංති ජනයාට ආවේණික වූ සහ ඔවුන්ගේ සැබෑ අභිලාශයන්ට ආමන්ත‍්‍රණය කරන්නක් විය යුතු වන්නේය යන මූලධර්මය නැවතත් පසක් කරමිනි. 
වර්තමාන ශ‍්‍රී ලංකා සමාජයේ මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්දයෙන් බහුතර ජනයා තුල  පවත්නා හැගීම ඉතා කණගාටුදායක එකකි. ලෝකයේ අනෙකුත් රටවල නිර්ධනපාංතිකයින් අරගල මගින් ජීවිත පරීත්‍යාගයෙන් දිනා ගන්නා ලද මෙම අයිතීන්, එසේ අයිතීන් දිනාගත් රාජ්‍යයක යටත් විජිතයක් වශයෙන් සිටීම හේතුවෙන් අපිට ලැබුණේ නිරායාසයෙනි. එම සංකල්පයන් ඇතිවූ රාජ්‍යයන්හි මේ සම්බන්දයෙන් අනන්ත ලේ වැගිරීම්, ජීවිත පරිත්‍යාගයන් සිදුවුවද අප රටේ එසේ සිදුවීමට තිබූ සමාජ සංවර්ධන ක‍්‍රියාදාමයි 1815 ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කරගැනීමත් සමගම ස්වායත්ත භාවයෙන් මිදී ගියේය. ඉන්පසු අපගේ සමාජ සංවර්ධන ක‍්‍රියාවලිය වූ කලී යටත් විජිතවාදී මානසික තත්වයකින් සිර කරනු ලැබූ ශ‍්‍රී ලාංකීය හා බි‍්‍රතාන්‍ය දෙමුහුමකි. එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් සම්බන්දයෙන් අපේකමක්, කැක්කුමක් ශ‍්‍රී ලාංකීය බහුතරය තුල නොපැවතීමත් ඒවා අපේ නොවන දේවල් වශයෙන් ඇතමුන් විසින් බැහැර කරනු ලැබීමත් කිසිසේත්ම පුදුමයට කාරණා නොවේ. 
කෙසේ වෙතත් මානව සංවර්ධන ක‍්‍රියාවලියේ තීරණාත්මක සිදුවීමක් වන ප‍්‍රංශ විප්ලවය අළලා රචිත රෆායෙල් සබාතිනීගේ ස්කැරමවුෂ් ශ‍්‍රී ලාංකීය නිර්ධන පංතිය හා බටහිර නිර්ධන පංතිය සහෝදරත්වයෙන් සැළකීමට මග පෙන්වයි. ශ‍්‍රී ලාංකීය නිර්ධන පාංතිකයාගේ වගකීම වන්නේ දේශීය ධනපති පංතිය හා ඔවුන්ගේ කරපිටින් බලය රැකගන්නා පාලක ධනපති පැළැන්තියට මුක්කු ගසිමින් සමස්ථ බටහිර ලෝකයට විරුද්ධ වීමය යන ජනප‍්‍රිය මතවාදයට මෙම ග‍්‍රන්ථයෙන් මරු පහරක් එල්ලවන්නේ අදාළ අයිතීන් දිනා ගැනීමේ සංග‍්‍රාමයේදී ප‍්‍රංශ නිර්ධන පාංතිකයාගේ කැපකිරීම්, වේදනාවන් හා හැගීම් මේ තුලින් ලාංකික පාඨකයාටද සමීප කරවන බැවිනි.
නමුත් මෙය කිසිසේත්ම දේශපාලන ග‍්‍රන්ථයක් නොවේ. දේශපාලනය පිළිබද උනන්දු වන නොවන, ලොකු කුඩා සියල්ලන්ටම එකසේ රස විදිය හැකි අපූර්වතම, චමත්කාරජනක, විචිත‍්‍ර කතාන්දරයක් මෙහි ඇත. දෙනුවර අන්දරය, ස්කාලට් පිම්පර්නල් ආදීවූ ඓතිහාසික කතාන්දර අතුරින් මාගේ සිත වඩාත් ඇද බැද ගැනීමකට ලක්කරනලද ආකර්ශණීයම ඓතිහාසික නවකතාව ස්කැරමවුෂ්ය.

තුන් තකතීරු කං කරපු කෙනෙක් මං - චේතන් භගත්

THE 3 MISTAKES OF MY LIFE – Chetan Bagat
තුන් තකතීරු කං කරපු කෙනෙක් මං - චේතන් භගත්
පරිවර්තනය -දිලීප ජයකොඩි
ෆාස්ට් පබ්ලිෂින් ප‍්‍රකාශනයකි
මිළ රු. 500

විසි එක්වැනි සියවසේ ආරම්භක දශකයේ මුල් භාගයේදී ඉන්දියාවේ පැවති සමාජ, ආර්ථික හා දේශපාලනික තත්වයන් පිළිබදව කියවන්නාට රසවත් ආරකින් අවබෝධයක් ලබාදෙන්නා හාම ඉතා සුන්දර කතාන්තරයක්ද ඉදිරිපත් කිරීමට රචකයා මෙහිදී සමත් වී ඇති බව කිව හැකිය. ඉන්දියානු ජනසමාජයට පමණක් නොව ශ‍්‍රී ලංකාවටද බොහෝ සමීප සමාජ තත්වයන් හා සිදුවීම් මෙහිදී විස්තර කෙරේ.
ගෝවින්ද් නම්වන කථකයා ඉෂාන් සහ  ඕමි නම්වන තම මිතුරන් දෙදෙනා සමග ක‍්‍රීඩා භාණ්ඩ අලෙවිය සදහා ව්‍යාපාරයක් ආරම්භ කරයි. කතානායකයා ගෝවින්ද ගණිතයට සමත්කම් දක්වන නමුත් ඉංජිනේරු ප‍්‍රවේශය අසමත් වේ. එහෙත් ඔහු එම අහමදාබාද් ප‍්‍රදේශයේ ගණිතයට සමත්කම් දක්වන්නකු ලෙස දිනා සිටින ප‍්‍රසාදය හේතුවෙන් ගණිතය පිළිබද උපකාරක පන්ති පැවැත්වීම හරහා යම් ජනප‍්‍රියතාවයක් දිනා ගැනීමටද ඔහු සමත් වේ. මේ හරහා ඔහුගේ ව්‍යාපාරික සගයා වන ඉෂාන්ගේ නැගණියගේ ටියුෂන් ගුරුවරයා වීමේ වරම් ලබන ගෝවින්ද් ඇය හා පේ‍්‍රම සම්බන්දයක් ඇතිකරගනී. එය ඉෂාන්ට හෙළිදරව් වන්නේ නොසිතූ අවස්ථාවකය.
ඉෂාන් පාසැල් මට්ටමේ දස්කම් දක්වන ලද ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. එබැවින් ක‍්‍රිකට් ආම්පන්න අලෙවි කිරීමේ ව්‍යාපාරික කටයුත්ත හා සමගාමීව ක‍්‍රිකට් පුහුණු වැඩසටහනක්ද ඉෂාන්ගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. මෙම පුහුණුව අතරතුරදී ඔවුන්ට මුණගැසෙන සහජ හැකියාවෙන් පිරිපුන් අසහාය ක‍්‍රීඩකයා අලී ය. අලී මුස්ලිම් ජාතිකයෙකි. එමෙන්ම අලීගේ පියා භාරතීය ජනතා පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙකි. අලී සමග ඇතිවන සම්බන්දතාවය හේතුවෙන් තෙමිතුරන්ගේ ජීවිත වල ඉතා තීරණාත්මක හැලහැප්පීම් සමුදායක් ඇතිවේ.
අනෙක් මිතුරා  ඕමි බෙල්රාම්පූර් කෝවිලේ පූසාරි වරයාගේ පුත‍්‍රයායි. නමුත් ඔහුට තම අනාගත දිවිය පූසාරියෙකු ලෙස ගෙවීමට අවශ්‍ය නැත. එබැවින් ඔහුද ඉතා උනන්දුවෙන් තෙමිතුරන්ගේ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ද වේ.  ඕමිගේ මාමා හින්දු ආගමට නැඹුරු මදක් අන්තවාදී පක්ෂයක ක‍්‍රියාකාරිකයෙකි. එබැවින් තෙමිතුරන්ද හින්දුන් නිසා එම පක්ෂයේ ක‍්‍රියාකාරී වැඩ සදහා ඔවුන්ද සහභාගි විය යුතු බව ඔහු තරයේ අදහයි. භාරතීය ජනතා පක්ෂය විසින් මුස්ලිම් ජාතිකයන් පෝෂණය කරන බවත්, බහුතර ජාතිය වශයෙන් හින්දුන්ට හිමිවිය යුතු වරප‍්‍රසාද භාරතීය ජනතා පක්ෂ පාලනය විසින් අහිමි කර ඇති බවත්, එයට විරුද්ධව හින්දු ආගම මූලික කරගත් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් ඔහුගේ දේශපාලන දැක්ම වේ. මේ හේතුවෙන් තෙමිතුරන්ගෙන්  ඕමි කැමැත්තෙන්ම සහ ඉෂාන් හා ගෝවින්ද් අකමැත්තෙන් මෙම හින්දු මූලික දේශපාලන කටයුතු සදහා සහභාගි වෙති. 
මේ ආකාරයෙන් එක් පසෙකින් මුස්ලිම් ජාතික අලීද අනික් පැත්තෙන් හින්දු අන්තවාදී මාමාද අනෙක් පැත්තෙන් ඉෂාන්ගේ නැගණිය විද්‍යාද තවත් පැත්තකින් ව්‍යාපාරික කටයුතුද යන සිව් වැදෑරුම් අභියෝග හමුවේ වැඩිපුරම පීඩාවට පත්වන්නා ගෝවින්ද්ය. මෙම අභියෝග සමග කාලයක් තිස්සේ ඔහු කරන සටනද එයින් ඔහුගේ සහ මිතුරන්ගේ ජීවිත වල සිදුවන උස්පහත්වීම්ද අවසානයේ මේ අභියෝග වල ප‍්‍රතිඵලයක් ලෙස ගෝවින්ද්ට තම ව්‍යාපාරය හැර අනෙකුත් සියල්ල අහිමිවන ආකාරයද මනරම් අයුරින් මෙහි විස්තර කර ඇත. මිනසකු සියදිවි නසාගන්නේ මන්ද? යම් අයෙක් සියදිවි නසාගත් පසුව හෝ සියදිවි නසාගැනීමට තැත්කර අනූ නවයෙන් ගැලවුණු අවස්ථා වලදී අප සමාජයේ බහුතරය කියන්නේ කුමක්ද? ”ඔළුව හොද නැති මෝඩයෙක්, එයාට මොනවද සියදිවි නසාගන්න තරම් තිබුණ ප‍්‍රශ්න, එයාටයැ අපටනෙ ප‍්‍රශ්න තියෙන්නේ, දුකකිනි මිනිසත් බව ලැබගන්නේ” වැනි අති පණ්ඩිත කතා එවැනි අවස්ථා වල අපට කොතෙකුත් අසන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශ සියදිවි නසාගත් අයෙකු හෝ සියදිවි නසා ගැනීමට තැත් කළ අයෙකු සම්බන්දයෙන් ප‍්‍රකාශ කරන්නා බොහෝවිට සිටින්නේ සියදිවි නසාගනු ලබන්නාගේ සිතුවිලි සහ මානසික මට්ටම අවබෝධ කරගත නොහැකි තරමේ දුරස්ථවූ ආස්ථානයකය. සමාජයේ සියදිවි නසාගන්නා ඇතමුන්ට ඒ සදහා නිශ්චිත හේතුවක් ඇති අතර එම හේතුව බාහිර සමාජයටද පැහැදිලිව පෙනේ. අනාරක්ෂිත ගැබ්ගැනීම්, පේ‍්‍රමය අහිමිවීම්, අධික ණය බරින් මිරිකීම් වැනි අනේකවිධ ඍජු හේතු නිසා මිනිසුන් සියදිවි නසා ගනිති. නමුත් නිශ්චිත හේතුවක් අවබෝධ කරගත නොහැකි අන්දමින් සියදිවි නසාගන්නා අවස්ථාද දුලබ නොවන බව සමාජය දෙස මදක් අවධානය යොමු කිරීමේදී පෙනී යයි. විවිධාකාර කුඩා හේතූන් රාශියක් ඒකරාශී වී ජීවිතය ගැන කළකිරීම, ජීවත් වූවා ඇති යැයි සිතීම, ජීවත් වීම දරාගත නොහැකි උදාසීන අත්දැකීමක් බව හැගී යාම වැනි හේතුන් නිසා සියදිවි නසාගන්නෝද සිටිති. මා කුඩාකළ කියැවූ පුවත්පත් වාර්තාවක තිබූ පරිදි එක්තරා විශ‍්‍රාමික රජයේ පරිපාලන නිලධාරියෙකු සියදිවි නසා ගැනීමට තීරණය කරන්නේ තමා ජීවිතයේ ළගා කරගතයුතු සියළු සැප සම්පත් අත්පත් කරගත් බවත් තමාට තවදුරටත් ජීවිතයේ අරමුණත් නොමැති බවත් විශ්වාස කිරීම නිසා ජීවත් වීමේ තෘප්තිය දරාගැනීමට නොහැකි වීම තුලින්ය. මොහු පිස්සෙකැයි ඔබට ඉතා පහසුවෙන් කිවහැකිය. නමුත් අප අමතක නොකළ යුතු කාරණාවක් වන්නේ මෙසේ සියදිවි නසාගන්නෝ අමුතු ග‍්‍රහලෝකයකින් පැමිණි අමුතු මනුශ්‍ය කොට්ඨාශයක් නොව ඔබත් මමත් වැනි අතිශය සාමාන්‍ය මිනිසුන් පිරිසක් පමණක් වීම නිසාය. එබැවින් සියදිවි නසාගැනීමක් හෝ එයට උත්සාහ දැරීමක් පිළිබදව ශ‍්‍රවණය කිරීමට ලැබුණු විට එය අදාළ පුද්ගලයාගේ හුදු පිස්සුවක් ලෙස සැලකීමට වඩා එම සිදුවීමට මගපාදන ලද වටපිටාව වඩාත් විචාරශීලීව අධ්‍යනය කිරීම වඩා වැදගත් බව මට හැගේ.
තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං ඔබට එවන් සිදුවීම් සමුදායක් සම්බන්දයෙන් සියදිවි නසාගන්නාගේ දෘෂ්ටිකෝණය මනාලෙස පැහැදිලි කරදෙයි. මිනිසකු ජීවත් වන පරිසරය, එම පරිසරය තුල මිනිසා විහින් පණවාගන්නාලද සීමාවන් සහ තීරණාත්මක අවස්ථා වලදී මිනිසාගේ එම අගතිදායක සීමාවන් විසින් මිනිසත්කම පරාජය කරනුලබන ආකාරයත් මෙහි මනාව විග‍්‍රහ කෙරේ. ඉතා සරළවූද සුන්දරවූද වාග් විලාශයකින්  ඕනෑම කෙනෙකුට කියවීමට සිතෙන ආකාරයේ විසම්මුතික රචනා ශෛලියක් අනුගමනය කර ඇති මේ ග‍්‍රන්ථය ඔබගේ ජීවිතය දෙස ආපසු හැරීබැලීමට ඔබවම පොළඹවනසුළු ඉතා ශක්තිමත් නිර්මාණයකි.

Wednesday, January 11, 2012

යුධ බල්ලෝ - ෆෙඞ්‍්‍රක් ෆෝසයිත්

THE DOGS OF WAR – Frederick Forsyth

යුධ බල්ලෝ - ෆෙඞ්‍්‍රක් ෆෝසයිත්
පරිවර්තවය - අභය හේවාවසම්
සූරිය ප‍්‍රකාශකයෝ
මිළ රු. 650
රටවල් කිහිපයක් එකට ඈදා ගනිමින් ප‍්‍රබන්දයන් නිර්මාණය කරමින් විශ්ව ප‍්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන ලකුණක් සනිටුහන් කළ ෆෙඞ්‍්‍රක් ෆෝසයිත් ගේ තවත් කුතුහලය දනවන අද්විතීය නිර්මානයකි.
ශී‍්‍රමත් ජේම්ස් මැන්සන්, මැන්සන් කොන්සොලිඬේටඞ් කැණීම් සමාගමේ සභාපති වරයා පමණක් නොව දේශපාලන බලපුළුවන්කාරකමක්ද ඇති ධන කුවේරයෙකි. අප‍්‍රිකාවේ දුෂ්කර රාජ්‍යයක් වන සැන්ගාරෝවේ පවත්නා ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක් පිළිබදව තොරතුරු දැනගන්නා ඔහු එය අත්පත් කරගෙන ක‍්‍රම කීපයකින්ම ඒ හරහා ආර්ථික වාසි ලැබීම සදහා පිඹුරුපත් සකසන්නේ අහසේ මාළිගා තනනවාට වඩා දැඩි විශ්වාසයකින් යුතුවය. ප්ලැටිනම් අලෙවි කිරීමෙන් ලැබෙන ආර්ථික වාසිය, එය කොටස් වෙළෙදපොල සම්බන්දයෙන් යොදාගනිමින් ලබන උපක‍්‍රමශීලී ලාභයන් පිළිබදව ඔහු නිරතුරුවම සිහින මවයි.
ඔහුට හදුනාගත හැකි ප‍්‍රධාන අභියෝගය වන්නේ සැන්ගාරෝවේ ඒකාධිපති කෘර පාලනයක් ගෙනයන කිම්බාය. අපැහැදිලි විදේශ ප‍්‍රතිපත්තියක්ද, අවිශ්වාසකටයුතු හා තරමක් මුග්ධ රාජ්‍ය තාන්ත‍්‍රික හැසිරීම් රටාවක්ද ප‍්‍රකට කරන කිම්බා බලයෙන් පහකර තමන්ට අල්ලේ නැටැවිය හැකි රූකඩ පාලකයෙකු සැන්ගාරෝවට පත්කර ගැනීම ශ‍්‍රීමත් මැන්සන් ගේ අරමුණයි. මේ සදහා අත දිගහැර මුදල් වියදම් කිරීමට ඔහු මැළි නොවන්නේ ඉන්පසු ඔහු ලබන ලාභය ඒ සදහා දරණ වියදම මෙන් විසි තිස් ගුණයකින් අධික වන බව හොදාකාරවම දන්නා නිසාය.
කුඩා හා දුබල වුවද රටක රජයක් කුමන්ත‍්‍රණයක් මගින් පෙරලීම ඉතාමත් සැළසුම් සහගතව කළ යුතු සංකීර්ණ කාර්යයකි. මේ සදහා විශ්වාසවන්ත හා පළපුරුදු කුලී හේවායකුගේ අවශ්‍යතාවය මැන්සන්ට  මතුවේ. විවිධ පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබදව අධ්‍යනය කිරීමෙන් පසුව කැට් ෂැනන් ඒ සදහා සුදුස්සා වශයෙන් තෝරාගන්නා අතර ඔහුට පැවරෙන්නා වූ වගකීම වන්නේ යම් නිශ්චිත දිනයකදී සැන්ගාරෝව ආක‍්‍රමණය කිරීම හා ක්ෂණික කුමන්ත‍්‍රණයක් මගින් සැන්ගාරෝවේ ආඥාදායක කිම්බා මරා දමා මැන්සන් ගේ රූකඩ පාලකයා එහි ජනාධිපති කරවීමය.
කැට් ෂැනන් යනු ඉතා පළපුරුදු මෙන්ම බුද්ධිමත් කුලී හේවායෙකි. විශ්වාස වන්ත කුලී හේවා කණ්ඩායමක්ද ඔහුට සිටියි. ඔහුට පැවරෙන රාජකාරිය සම්බන්දයෙන් ඉතා ක‍්‍රමාණුකූල ශක්‍යතා වාර්තාවක්, සැළැස්මක් සහ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම මගින් මැන්සන්ගේ මෙන්ම පාඨකයාගේද සිත් දිනා ගැනීමට කැට් ෂැනන් සමත් වේ. ඒ හරහා මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අතිවිශාල මුදල් කන්දරාව සදහා මැන්සන් වෙතින් අනුමැතිය ලබාගන්නා ෂැනන් තම ජීවිතයේ අනුපමේයම මෙහෙයුම සදහා දිවා රාත‍්‍රි නොබලා වෙහෙස වෙමින් සූදානම් වේ.
නමුත් සැන්ගාරෝව වැනි ඝර්ම කලාපික, දුෂ්කර තුට්ටු දෙකේ රාජ්‍යයක මුළු දළ දේශීය නිෂ්පාදිතයත් ඉක්මවන ආදායමක් ඇති මැන්සන් එහි ආඥාදායකයා බලයෙන් පහ කිරීමට සූදානම් වන්නේ හුදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරලීමේ අවිහිංසක හා පරම පිවිතුරු චේතනාවෙන් බව විශ්වාස කිරීමට බුද්ධිමත් කැට් ෂැනන් මැළි වේ. මේ සම්බන්දයෙන් ඔහුටම විශේෂිත ආකර්ශනීය ක‍්‍රමවේදයන් හරහා සත්‍යය අනාවරණය කරගැනීමට ඔහු සමත්වේ. තමා ලූහුබන්දවා ඇත්තේ කුමක් පසුපසද යන කාරණාව හරිහැටි දැනගෙන, වෙනස්ම උපමානයකින් කාර්යයට අවතීර්ණ වීමට ඔහු තීරණය කරන්නේ ඉන් පසුවය. මෙම සත්‍ය අනාවරණය කරගැනීමේ ෂැනන් ගේ මෙහෙයුම තුලදී ඔහු මැන්සන්ගේ දියණිය සමග පේ‍්‍රම සබදතාවයක්ද ඇති කරගන්නා අතර ඇයටද මේ සිදුවීම හරහා අසාධාරණයක් නොවන තැනට කටයුතු සැළසුම් කිරීමට හේ ප‍්‍රවේශම් වෙයි.
මැන්සන් අනුමත කරන ලද මුදල් ඇස්තමේන්තුව භාවිතා කරමින් ෂැනන් පාඨකයාගේ සිත් ඇද බැද ගනිමන් තමාගේ සංකීර්ණ සැලැස්ම ක‍්‍රියාවට නංවයි. මෙහෙයුම සදහා අවශ්‍ය කරන කෑමබීම, ඇදුම් පැළදුම, අවි ආයුධ මෙන්ම නෞකාවක් වැනි අතිරේක පහසුකම්ද නියම වෘත්තිකයෙකුගේ ස්වරූපය පලකරමින් ඒකරාශී කරගැනීමට කැට් ෂැනන් සමත් වෙයි. මේ අතරතුර කැට් ෂැනන්ගේ වෘත්තීය සතුරකු වන රෞවුක්ස්ද මෙම සිද්ධියට අවතීර්ණ වී ඇති බව ෂැනන්ට දැන ගැනීමට ලැබෙන අතර ඔහුගෙන් ඍජුවම ෂැනන්ගේ ජීවිතයට තර්ජන එල්ල වන නමුත් ඔහුවද උපායශීලී ලෙස මගහැරීමට ෂැනන් සමත්වෙයි.
ශ‍්‍රීමත් මැන්සන් අමන්දානන්දයට පත්කරවමින් පොරොන්දු වූ දිනටම සාර්ථක ආක‍්‍රමණයක් මගින් සැන්ගාරෝව අත්පත් කරගැනීමටද, එහි ආඥාදායක කිම්බා ඔහුගේ මිනීමරු අනුගාමිකයන් රොත්තත් සමගම මරු තුරුළට යැවීමටද කැට් ෂැනන් හා පිරිවර සමත් වෙයි. සැලැස්ම නූලක් හෝ එහා මෙහා නොවී සැලසුම් කළ පිළිවෙලටම සිදුවීම පිළිබද අපමණ සන්තෝශයට පත්වන මැන්සන් සැන්ගාරෝවේ පාලනය භාරගැනීමට ඔහුගේ රූකඩයාට ආරාධනා කරයි.
නමුත්... සැන්ගාරෝවේ නව පාලකයා වීමට අපේක්ෂාවෙන් එහි යන කර්නල් ඇන්ටොයිනේ බොබී හෙවත් මැන්සන්ගේ රූකඩ පාලකයාට මුහුණදීමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අත්දැකීමකටය.
මිනිසුන්ට මරණය ඉව වැටුණුවිට හා එයින් ගැලවීමක් නොමැති බව අවබෝධ වූ විට එක්කෝ ඔහු වියරු වැටෙනු ඇත. නැතිනම් තමා මියයන්නට පෙර එක් සාධාරණ වූූ සත්ක‍්‍රියාවක් හෝ සිදුකල යුතු බවට අධිෂ්ඨාන කරගෙන ඒ අනුව වැඩ කරනු ඇත. තමාට සුවකල නොහැකි පෙනහළු පිළිකාවක් ඇති බවත් ඒ නිසා තම ජීවිතය ඉතා කෙටි එකක් බවත් මෙම කුමන්ත‍්‍රණයට මාස කීපයකට පෙර දැනගන්නා චෞරයා කැට් ෂැනන් ගන්නට ඇත්තේ කුමන තීරණයද?
පුරා පිටු 567ක් පුරා විහිදෙන අතිශය ත‍්‍රාසජනක, ලොමු දැහැගන්වන, කතාන්තරය අත්විදින්න.
කියවන්න ”යුධ බල්ලෝ”

අවසන් දින කුමන්ත‍්‍රණය - සිඞ්නි ෂෙල්ඩන්

 THE DOOMSDAY CONSPIRACY – Sidney Sheldon

අවසන් දින කුමන්ත‍්‍රණය - සිඞ්නි ෂෙල්ඩන්
පරිවර්තනය - පූජිත කරුණාරත්න
ආශිර්වාද ප‍්‍රකාශකයෝ
මිළ රු. 590
මිනිසකුට අසාර්ථක විය හැක්කේ කෙසේද? අසාර්ථකත්වයේ උපරිමය කුමක්ද? මෙම විශේෂිත වූ කාර්යභාරය පවරනු ලබන අවස්ථාවේදී කොමදෝරු රොබට් බෙලමි සිටින්නේ එවන් තත්වයකය. ආදරණීය බිරිද ඔහු හැරගොස්, වෙනත් ගැහැණියකගෙන් හෝ ලිංගික තෘප්තියක් ලබාගැනීමට නොහැකි ආකාරයට එම විරහව ඔහු බෙලහීනයෙකු බවට පත්කොට, ඔහුගේ විශ්වාසය දිනූ නාවික බුද්ධි අංශ ප‍්‍රධානියා එතැනින් මාරු කොට දේශපාලන හෙංචයියෙකු එතැනට පත්කොට. මෙම මෙහෙයුම ඉටුකිරීමට තම නව ප‍්‍රධානී ඩස්ටින් තෝන්ටන් ඉදිරිපිට භාරගන්නා ලද්දේද ඔහු එවිට ජීවිතයේ මුහුණදී තිබූ අපේක්ෂා භංගත්වය නිසාමය. මන්ද එවන් මෙහෙයුමක් සාර්ථක වේ යැයි තැබිය හැකි වන්නේ සීයට පහකටත් අඩු බලාපොරොත්තුවක් පමණි.
ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කදු ප‍්‍රදේශයට නේටෝ සංවිධානයට අයත් කාළගුණ බැලූමක් කඩා වැටුණි. එය සියැසින් දකින ලද්දේ ඒ අවස්ථාවේ සංචාරක බස් රථයක් මගින් ඒ ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටි හත් දෙනෙකුගෙන් යුතු සංචාරක කණ්ඩායමකට හා එහි රියැදුරාට පමණි. එය දුටු ඔවුන්ගේ මුවින් පිටවූයේ මෙවැනි වදන්ය.
 ”මට පපුවෙ අමාරුවක් වගේ, පියාණෙනි අපට පිහිට වෙන්න, අපව ගලවාගන්න, මේ යක්ෂ දිෂ්ටියෙන් අපව ගලවාගනු මැන. අන්තිමේදී අපි සාතන්ගේ මූණ දැක්කා. මේ තමයි ලෝක විනාශය. අවසන් විනිශ්චය දිනය උදාවෙලා. හොද හා නරක අතර සටන පටන් අරගෙන. අවසන් විනිශ්චය දිනය උදාවෙලා.”
කොමදෝරු රොබට් බෙලමි හට පැවරෙන රාජකාරිය වන්නේ ඉහත සංචාරක බස්රථයේ සිටි පුද්ගලයන් අට දෙනා සොයාගැනීමය. මෙම කාලගුණවිද්‍යා බැලූනයෙහි අතිශය රහසිගත උපකරණ අඩංගු වූ බවද, එම රහසිගත භාවය ආරක්ෂා කරගැනීමට එය දුටු පුද්ගලයන්ගේ නිහඩ භාවය අතිශය වැදගත් බවද, එම පුද්ගලයන් ඔහු විසින් හදුනාගනු ලැබීමෙන් පසු විශේෂිත බලධාරී කණ්ඩායමක් මගින් ඔවුන්ට නිහඩව සිටීමට උපදෙස් ලැබෙන් ඇති බවද කොමදෝරු බෙලමි හට ප‍්‍රකාශ කෙරේ.
කෙසේ වෙතත් අපේක්ෂා භංගත්වයකින් ඇරඹෙන පරීක්ෂණය සාර්ථකත්වයේ සාර්ථකත්වයට පත්කරමින් අදාළ සිද්ධිය සියැසින් දුටු අට දෙනාම හදුනාගැනීමට බෙලමි සමත් වෙයි. තමාට රාජකාරිය භාර දුන් පුද්ගලයන් පිළිබදව කිසිදු සැකයකින් තොරව බෙලමි තමා සොයාගනු ලබන තොරතුරු එවෙලේම තම ප‍්‍රධානියාට දැනුම්දෙයි. එසේ දැනුම්දී පැය කීපයක් ඉක්ම යන්නටද මත්තෙන් එසේ සොයාගන්නා ලද පුද්ගලයන් එකිනෙකා අභිරහස් ලෙස මරණයට පත්වනබව රොබට් බෙලමි නොදනී. ඔහුට එය දැනගැනීමට ලැබෙන්නේ එම අහිංසක මිනිසුන් සියල්ලෝම ඔහුගේ සහාය ලැබිය හැකි සීමාවෙන් ඉවත් වූ පසුවය. කම්පාවට පත්වී අතීතය දෙස නැවත හැරී බලන බෙලමිට අවබෝධවන භයංකාර සත්‍යය නම් තමාට පැවරුණු ඉලක්කය සාක්ෂාත් කරගත් පසු ඔහුද ඉලක්කයක් බවට පත්වී ඇති බවයි.
එතැනින් පසු හඹායන්නා පළායන්නා බවට පත්වේ. එතැනින් පසු හඹායන්නෝ වන්නේ අතිශය බලවත් රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමේ පුද්ගලයන් වන අතර බෙලමිගේ ගැලවීම අතිශය අවිනිශ්චිතතාවයට පත්වෙයි. කෙසේ වෙතත් මාරාන්තික පුහුණුවකින් පසු සේවයට අවතීර්ණ වී ඇති කොමදෝරු රොබට් බෙලමි ඉතා ආකර්ශණීය ගැලවීමේ මෙහෙයුමකින් පසු සාර්ථකත්වය අත්පත් කරගන්නා නමුත් ඔහුට සොයාගැනීමට ලැබෙන සත්‍යය ඔහුව සම්පූර්ණ අපේක්ෂා භංගත්වයට පත්කරවන්නකි.
කොමදෝරු රොබට් බෙලමිගේ බිරිද ඔහු හැරයාමේ සිට මෙම කාළගුණ බැලූනය දුටු අවසාන සාක්ෂිකරුවා සොයාගන්නා අවස්ථාව වන තුරුම සිදුවන තිරය පිටුපස සිදුවීම් දාමය එකම සැලැස්මක පුදුමාකාර කොටස් වන්නේ කෙසේද? ඒ සියල්ල එකම මොළයක සැළසුම් වන්නේ කෙසේද? කොමදෝරු රොබර්ට් බෙලමිගේ ගැලවීමට අවසානයේදී හේතු වන අති විශේෂ නවවැනි සාක්ෂිකරුවා කවුද? අභිරහස් කාලගුණ විද්‍යා බැලූය සම්බන්ද සැබෑව කුමක්ද? මේ සියලූ සත්‍යය දැනගැනීමට වහාම කියවන්න අවසන් දින කුමන්ත‍්‍රණය.
බටහිර සාහිත්‍ය ලොවට සිඞ්නි ශෙල්ඩන් බිහිවන්නේ ත‍්‍රාසෝත්පාදී නවකතාකරුවකු වශයෙනි. නමුත් ඔහු ඇමරිකා එක්සත් ජනපදය තුල වඩාත් ජනප‍්‍රිය වූයේ අති සාර්ථක තිරනාටක රචකයෙකු ලෙසය. ඔහු විසින් රචිත ”හාට් ටු හාට්” ටෙලි චිත‍්‍රපට පෙල අසූව දශකයේ ශ‍්‍රී ලංකාව තුලද විකාශය විය. සිය නිර්මාණයන්ට පසුබිම් වන ක්‍ෂේත‍්‍රය මැනවින් ගවේශණය කිරීමත්, නාට්‍යමය සිදුවීම් බහුල වීමත්, අවසන් මොහොත දක්වා පාඨකයා කුතුහලයෙන් ඇද බැද තබාගැනීමත් ශෙල්ඩන්ගේ විශේෂ ලක්‍ෂණ ලෙස හදුනාගත හැකිය. හින්දි සහ දකුණු ඉන්දීය චිත‍්‍රපට, ශෙල්ඩන්ගේ නිර්මාණයන්හිදී හමුවන සිදුවීම් අමු අමුවේම යොදාගැනීමෙන් ඔහුගේ කෘතීන් කෙතරම් නාට්‍යමයදැයි වටහාගත හැකිය. ඔ්‍යෑ ෘධධඵීෘ්ශ ඣභීඡුෂඍ්ක්‍ශ නම් මෙම පරිවර්තනයේ මුල් කෘතිය ශෙල්ඩන් විසින් නිර්මාණය කරන ලද්දේ ඇමරිකානු අජටාකාශගාමීන්, විද්‍යාඥයන්, බුද්ධි අංශ නිලධාරීන් සහ හිටපු ජනාධිපතිවරුන් සමග පවා පැවැත්වූ සාකච්චා වලින් අනතුරුව බව ඔහු පවසා ඇත.